දුරකථනයෙන් පරිගණකය හසුරවන්න | Splashtop මෘදුකාංගය

ඔන්න අලුත්ම දෙයක් අරගෙන මම අයෙත් අවා. මේ සැරේ කාටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඉදිරිපත් කරන්න මම තීරණය කරා.


ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දුර ඉදල පරිගණයක් මෙහෙයවන විට. මේකට ගොඩක් Apps තිබ්බත් වඩාත් ලේසි එක මම ඕගොල්ලන්ට අරන් එන්න තීරණය කරා.

මේ App එකේ නම Splashtop. මේකෙන් ඔයාට ඔයාගේ පරිගණකයේ වැඩ කටයතු ස්මාර්ට් දුරකතනයෙන් සිදු කරන්න පුළුවන්. ඒවගේම අවශ්‍ය නම් දුරකතනය පරිගණකයෙන් මෙහෙය වන්නත් පුළුවන්. ඔක්කොටම අවශ්‍ය වෙන්නේ Wifi හරි Internet සම්බන්දතාවයක්



මේක පාවිච්චි කරන්න පොඩි වැඩ වගයක් කරන්න වෙනවා. මුලින්ම ඔයා මේ ලින්ක් එකට ගිහින් Splashtop account එකක් හදාගන්න.

Splashtop Account

දැන් ඔයාගේ පරිගණකය Windows පරිගණකයක් නම් මේ Software එක download කර ගන්න




නැත්තම් ඔයාගේ පරිගණකය Apple නම් මේකේ Mac OS X version එක download කර ගන්න.




දැන් ඔයා ඔයාගේ දුරකතන වර්ගය අනුව Android හරි Apple I OS version තරලා download කර ගන්න.





හරි දැන් මේ App එකෙන් දුරකථනය හරහා පරිගණකය පාලනය කරන කරන්නේ කරන්නේ කොහොමද කියලා.


  1. එකට අපිට ඕනි වෙන්නේ Splashtop Streamer පරිගණක මෘදුකාංගය සහ Splashtop Remote Desktop දුරකථන App එකයි.
  2. දැන් ඔය දෙකම open කරලා ඔයා හදාගත්ත Splashtop account එකේ username එකයි password එකයි දීල log වෙන්න.
  3. හැබැයි ඕකෙදි දුරකථන App එකෙන් කියයි ඔයාගේ device එකට Device authentication ඕනි වෙනවා කියලා.
  4. ඔයාට ඔයාගේ email එකටම mail එකක් එයි.
  5. ඒ mail එකට ගිහින් ඔයාගේ දුරකතයෙන්ම එකේ තියෙන ලින්ක් එකට යන්න.
  6. දැන් ඔය දෙකම online නම් දුරකතනයේ App එකේ ඔයාගේ PC එකේ නම පෙන්නයි.
  7. දැන් එක touch කරලා ඔයා කැමති ගැලපෙන resolution එකක් දීල remote view එක touch කරලා යන්න.
  8. ටික වෙලාවක් යද්දී ඔයාට ඔයාගේ දුරකතනයට පරිගණයකයේ screen එක පෙනෙයි.
මම ඇත්තටම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ පරිගණකය හරහා දුරකථන බාවිතා කරන ආකාරය කියලා දෙන්න. එත් ඔය අනිත් software එකෙන් කරන්නේ ඒ වැඩේ. ඕනිම ය විතරක් comment කරොත් පොස්ට් update එකක් විදිහට දාන්නම්.

අවසාන වශයෙන් මේ තියෙන්නේ ඒ මෘදුකාංගයේ වෙබ් අඩවිය.


ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. යාලුවන්ටත් දැන ගන්න like කරන්න share කරන්න.

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්